
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට අයත් බස් රථයක එන්ජිමට යූරියා පොහොර වත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නුවරඑළිය සහ හයි ෆොරස්ට් ප්‍රදේශය අතර දිනපතා ධාවනය වන බස් රථයකට මෙම පොහොර එකතුකර ඇති බව සොයා ගන්නා ලදී.
වාර්තාවලට අනුව, මෙම සිදුවීම අඟහරුවාදා රාත්‍රියේ බස් රථය හයි ෆොරස්ට් ප්‍රදේශයේ නවතා තිබියදී සිදුව තිබේ.
මෙතෙක් හඳුනානොගත් පුද්ගලයකු එන්ජිමට යූරියා පොහොර වත්කර ඇති බව කියනු ලැබේ.
පසුදා උදෑසන බස් රථය සේවයට සූදානම් කරමින් සිටියදී මෙම ගැටළුව අනාවරණය විය.
එන්ජින් තෙල් නිතිපතා පරීක්ෂා කිරීමේදී, එන්ජින්මේ පියන් කොටසක් ඉවත්කර ඇති බව සොයාගෙන තිබේ.
මීට අමතරව, යූරියා පොහොරට සමාන සුදු රසායනික ද්‍රව්‍යයක් එන්ජින් ප්‍රදේශය වටා විසිරී ඇති බව නිරීක්ෂණයවී ඇත.
එහදී බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා අක්‍රමිකතාවයක් සිදු වූ බවට සැකකරමින් පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, නාඳුනන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හිතාමතාම එන්ජිමට පොහොර වත්කර ඇති බවයි.
පරීක්ෂණය අතරතුර නුවරඑළිය ඩිපෝ කළමනාකරු මෙය තහවුරු කළ බව පොලිසිය පැවසීය.
පූර්වාරක්ෂාවක් ලෙස, බස් රථය හොඳින් පරීක්ෂා කිරීම සඳහා එන්ජිම පණගැන්වීමකින් තොරව නුවරඑළිය ඩිපෝවට ආපසු ඇදගෙන යෑමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart