
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, එය සිදුකළ යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් සහ ගරුත්වයෙන් කටයුතු කිරීම ඔස්සේ බවයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂය තුළ භූතයින් ලෙස සිටිමින් කඩාකප්පල්කාරී ක්‍රියාසිදුකරන පුදගලයන් කිහිපදෙනෙකු නිසා පක්ෂයට ඉදිරි ගමනක් නොමැති බව දැන් හෝ පිළිගත යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
කෙසේවෙතත් පක්ෂ දෙකේම සැලකිවයුතු පිරිසක් මෙම දෙපාර්ශවයේ ඒකාබද්ධ වීමකට කැමැත්තෙන් පසුවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart