
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ලේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කාර්යාලයට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පවසන ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ඉඟි පළකර ඇත.
ඇමැති ප්‍රනාන්දු පවසන්නේ, දඹුල්ල හිටපු නාගරික මන්ත්‍රී මායා පාදෙණියගේ නිවසේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.
ප්‍රහාරයෙන් කාර්යාලයේ ස්ථාපනය කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ දඹුල්ල ආසන සංවිධායකවරයාගේ රුව සහිත පුවරුවලට හානි සිදුවී ඇති බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
ඇමැති හරීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ එම ස්ථානයට ගොස් තත්ත්වය පරික්ෂා කර, යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවය.
මෙම ක්‍රියාවට වගකිව යුතු අපරාධකරුවන් සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු පොලිසියට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart