
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 4 දෙනකුට ජනාධිපතිවරයා සමඟ එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් සමගි ජන බලවේගයේ සාමාජිකයන් වන තලතා අතුකෝරළ, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන පිරිසට එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස මෙලෙස ආරාධනා කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැනට සමගි ජන බලවේගය අනුගමනය නොකරන බව පවසන රංගේ බණ්ඩාර, ඔවුන් ක්‍රියාත්මක කරන්නේ නාලක ගොඩහේවාගේ ප්‍රතිපත්තිද නැතහොත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිද යන්න තීරණය කරන ලෙස සමගි ජන බලවේගය වෙතින් ඉල්ලා තිබේ.
පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ නම් නොකළ අනෙකුත් සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට ද එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ආරාධනා කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart