
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්‌ථා සංශෝධනයක් ඊයේ (25 වැනිදා) පැවැති සමුළුවේදී සිදුකෙරිණි.
විධායක කමිටුවෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂයේ තීරණ ගැනීමේ බලතල පැවරෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.
නව සංශෝධන යටතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව අඩුකිරීමට නියමිතය.
“පක්‍ෂයට සාමාජිකයන් 100කට වැඩි සංඛ්‍යාවක් සිටින විධායක කමිටුවක් තිබෙන නිසා, දැන් විශාල කෘත්‍යාධිකාරී මණ්ඩලයක් අවශ්‍ය නැහැ ” යැයි එජාප නායකයා පැවැසීය.
එසේම සැලසුම් තීරණය කිරීමේ වගකීම පැවරෙන ඉහළ තනතුරු කමිටුවක් ද එජාපයට ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
“ඩිජිටල් කණ්ඩායම් හඳුන්වාදීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඩිජිටල් දේශපාලන පක්ෂයක් බවට පත් වෙනවා. පක්‍ෂයේ ඕනෑම සාමාජිකයෙකුට පක්‍ෂ ධුරාවලියෙන් අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඩිජිටල් කණ්ඩායම් සෑදිය හැක. මැතිවරණ කොට්ඨාශ මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ඩිජිටල් කණ්ඩායම් බිහිවිය හැකියි”යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
වැඩි කල් යන්නට මත්තෙන් පක්ෂය භාර ගැනීමට නව නායකයන් සූදානම් විය යුතු බවද පක්ෂ නායකයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart