
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බවත්, ඉදිරි ජනාධිපතිවරණයට පෙර එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්මක් ඒ වෙනුවෙන් එළිදක්වන බවත් එජාප මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකු සමග පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව ඊයේ (27) ‘ඩේලි මෝර්නිං’ වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් විසින් සකස් කරන ලද ඉහත කී ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති වික්‍රමසිංහ විසින් අනුමත කර එය ක්‍රියාත්මක කරන ලෙසට දන්වා ඇති බවයි.
මේ අතර, පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමඟ සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් සිදුවී ඇත්දැයි ඔහුගෙන් කළ විමසීමකදී රංගේබණ්ඩාර පවසා ඇත්තේ, අනිවාර්යයෙන්ම සන්ධානයක් පිහිටුවන නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ජනාධිපති වික්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී ඔහු කියා සිටියේ ලබන වසරේ (2024) ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම පැවැත්වීමට නියමිත බවයි.
ඉදිරි වසරේ (2025) පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ අපේක්ෂා කළ හැකි බව ද ජනාධිපති වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart