
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළාදකින අතර, මෙම පියවර දේශපාලනමය අරමුණකින් සිදුකරන ලද්දක් බවට චෝදනා කරයි.
සැප්තැම්බර් 4 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය කියාසිටියේ, සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේදී නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රසිද්ධ රැලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකට මෙන්ම දිවයින පුරා දේශපාලන රැලි පැවැත්වීමේ එකම ප්රජාතන්ත්රවාදී අයිතිය රාජපක්ෂටද හිමිවිය යුතු බව පෙන්වාදෙන එම පක්ෂය, එම අයිතිය ඔහුගෙන් පැහැරගැනීමට දැරූ උත්සාහයන් ප්රජාතන්ත්රවාදී සමාජයක පිළිගත නොහැකි බව තර්ක කරයි.
එවැනි ක්රියාවලින් පිළිඹිබු වන්නේ, ආණ්ඩුවේ අඩුවෙමින් පවතින ජනප්රියතාව බවද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් කියාසිටියි.
“දේශපාලන නායකයන්ට ලැබෙන ජනතා සහයෝගය අත්අඩංගුවට ගැනීම් මගින් නැතිකර දැමිය නොහැක” යනුවෙන් පවසන එක්සත් ජාතික පක්ෂය, ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රියාකාරකම්වලට ගරුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
නාමල් රාජපක්ෂ මහතාව සිකුරාදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අතර පසුව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart