
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී බවට චෝදනා ලබා තිබෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය සම්බන්ධයෙන්, ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔවුන්ගේ නිවෙසට යෑම එක්සත් ජාතික පක්ෂය හෙළාදැක තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන එක්සත් ජාතික පක්ෂය මෙසේ පවසයි.
‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෘද සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින වෙලාවක එතුමාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණීම ගැන අපි කණගාටුවට පත්වෙනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රෝගී තත්ත්වය පිළිබඳ සියල්ලක් සොයා බලන්නේ එතුමාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියයි.විශේෂයෙන්ම එතුමියත් දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ එතුමාගේ නිවසට දේශපාලන කටයුතු සඳහා හෝ කිසිකෙනෙකු සම්බන්ධ නොවන්නේ එතුමාගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහායි. විශේෂයෙන්ම වෙනත් ලෙඩ රෝග තිබෙන අය පැමිණීම එතුමාගේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් වෙනවා.
එවැනි පසුබිමක හදිසියේම මේ ප්‍රකාශය ගැනීම සඳහා නිවසට පැමිණීම සුදුසු ක්‍රියාවක්ද? මෙවැනි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් දෙන්නේ කවුරුන්ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා? විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුවට එරෙහිව දිනෙන් දිනම එල්ලවන චෝදනා වෙන අතකට යොමු කරන්න මෙවැනි වැඩ කරනවාද කියා අපිට සැකයක් මතු වෙනවා.
මේ අවස්ථාවේදී මේ ප්‍රකාශය ලබාගැනීම අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නිවසේ සිටින දෙදෙනාම රෝගී තත්ත්වයෙන් පසුවන මොහොතක ඒ ගත් ක්‍රියාමාර්ගය අප තරයේ හෙළා දකිනවා.’
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර දැනුම්දී තිබුණද, ඇය ඒ වෙනුවෙන් පැමිණ තිබුණේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart