
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළැඹෙන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීමට එක්සත් ජාතික පක්ෂය ස්ථිර තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් ආරම්භ කර නොමැති බව ද පැවැසේ.
අවශ්‍යතාවක් මතුවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවීමට ප්‍රශ්නයක් නොමැති බව ද එක්සත් ජාතික පක්ෂය පවසා තිබේ.
මෙම අදහස් පළ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා පත්කළ කමිටුවේ සාමාජික ආචාර්ය කේ.එච්. ලසන්ත ගුණවර්ධන යි.
ඒ සම්බන්ධයෙන් Daily Morning වෙත අදහස් දක්වා ඇති ලසන්ත ගුණවර්ධන පවසන්නේ, ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර ඇති බැවින් ඕනෑම පක්ෂයකට ජනාධිපතිවරයා සමඟ එක්ව ඔහුට සහාය පළකිරීමට අවස්ථාව පවතින බවයි.
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වන්නේ නම් කුමන කරුණු සැළකිල්ලට ගත යුතුද යන්න සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළකර තිබේ.
“රට මුහුණ දුන්නේ ආර්ථික අර්බුදයකට. ජනාධිපතිතුමා එයින් රට බේරගත්තා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සමඟින් රට ඉදිරියට ගෙන යා හැකි බවට දැන් හැඟීමක් ඇති වී තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ එම උත්සාහයට සහයෝගය ලබාදීමයි.” ඔහු පවසා තිබේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය වෙනත් කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගතවීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිණ නොමැති බවද ආචාර්ය කේ. එච්. ලසන්ත ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart