
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අභිමානය සහ ආදරය දිනා සිටි, වසර 13ක් පුරා එහි නිල නොවන සාමාජිකාවක ලෙස සිටි ‘පේරාදෙණියේ හාමිනේ’ නමැති සුනඛ ධේනුව රෝගාතුරව අභාවප්‍රාප්ත වී තිබේ.
ගලහා හන්දිය ආසන්නයේ කානුවක වැටී තුවාල ලබා සිටියදී කුඩා පැටවකු ලෙස පශු වෛද්‍ය පීඨයේ පිරිස විසින් බේරාගත් මෙම සුනඛ ධේනුව, පසුව සමස්ත පීඨයේම නොමද ආදරයට ලක් විය.
පශු වෛද්‍ය පීඨයේ සිසු පරම්පරා ගණනාවකටම හෘද ස්පන්දනය සහ නාඩි පරික්ෂා කිරීමේ ප්‍රායෝගික පුහුණුවීම් ලබාගැනීමට ‘හාමිනේ’ සුනඛ ධේනුව පැය ගණනක් එකදිගට ඉවසීමෙන් සහය දක්වන ලදී.
පේරාදෙණිය ශික්ෂණ පශු රෝහල වෙත දැඩි ලෙස රෝගාතුරව රැගෙන ආ අනෙකුත් සතුන් බේරාගැනීම සඳහා සිය රුධිරය ලීටර් ගණනින් දෙනු ලැබූ ඇය, සුනඛ ජීවිත 100කට වඩා බේරාගැනීමට දායක වී ඇත.
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලොවින් සමුගත් අතර, වසර ගණනාවක් තමන් වෙනුවෙන් කළ කැපකිරීම වෙනුවෙන් කෘතගුණ සැලකූ පශු වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් සහ සිසුන් විසින් ඇගේ දේහය පෙට්ටියක තබා, සංඝරත්නය ලවා පංසුකූලමය ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව පේරාදෙණිය සරසවි පරිශ්‍රයේ ඇති විල අසල විශාල ගසක් යට ගෞරවාන්විතව තැන්පත් කරනු ලැබීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart