
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය 01 වැනිදා මහජනතාවට විවෘත කිරීමත් සමඟ, පීඨ 09ක ආචාර්ය මණ්ඩලය, සේවක මණ්ඩලය සහ ශිෂ්‍යන්ගේ සහභාගීත්වයෙන් විවිධ ප්‍රදර්ශන, අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩසටහන් විශාල ප්‍රමාණයක් සාර්ථකව පැවැත්වා ඇතැයි විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.
ඇතැම් පුද්ගලයන් විසින් විශ්වවිද්‍යාලයට පැමිණි ලක්ෂ 02ක් පමණ ජනාතාව අවතක්සේරුවට සහ අවමානයට ලක්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබීම කණගාටුවට කරුණක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විශ්වවිද්‍යාලයේ සුන්දර පරිසරයට හා ගොඩනැගිලිවලට හානිකර ඇති බවටත්, වාහන ගාල් කිරීම නිසා තණ පිට්ටනි විනාශ වී ඇති බවටත්, ප්‍රකාශ කර ඇතැයි, උපකුලපතිවරයා පවසයි.
එමෙන්ම සැහැල්ලු වාහන තණ මත ගාල් කිරීම විශ්වවිද්‍යාල උත්සවවලදී සිදුවන සාමාන්‍ය සිදුවීමක් බවද ඔහු සඳහන් කරයි.
විශ්වවිද්‍යාලයේ පරිසරය, තණබිම්, ගොඩනැගිලි හා මල් වලට හානියක් වී ඇතැයි හැඟේ නම් මාධ්‍ය ආයතන නියෝජිතයන් හට විශ්වවිද්‍යාල භූමියට පැමිණ ඕනෑම ස්ථානයක් නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart