
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා විදේශගත වන විට එම රටවල රැඳී සිටීම වැළැක්වීම සඳහා බැඳුම්කර ගාස්තුවක් ගෙවීමට සිදුවන ක්‍රියා පටිපාටියක් හඳුන්වාදීමට යෝජනා වී තිබේ.
මෙම යෝජනාව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡා කර තිබේ.
උපාධි ප්‍රදානය කරන ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නියාමනය නොකරන බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති එහිදී කෝප් කමිටුවට දන්වා ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සියලු විශ්වවිද්‍යාල නිරීක්‍ෂණය කිරීමේ බලය නැවත ලබා නොදුනහොත් රාජ්‍ය විශ්වවිද්‍යාලය පවා කඩාවැටෙනු ඇති බව සභාපතිවරයා පෙන්වාදී ඇත.
සෑම විශ්වවිද්‍යාලයකම සෑම පීඨයක්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පාඨමාලා හඳුන්වාදිය යුතු බවටද එහිදී යෝජනාවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart