
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (11) සිට රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙන බවට වාර්තා වෙයි.
න්‍යාය පත්‍ර අයිතම දෙක යටතේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ නිකරගුවාවේ මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ද ඉදිරිපත් කෙරේ.
එසේම සැසිවාරයට පෙර Crisis Group විසින් ‘Sri Lanka Needs Truth, but not (yet) a Truth Commission’ නමින් නව ප්‍රකාශනයක් ද නිකුත් කර ඇත.
යුද්ධයේ දී සහ ඉන් පසු වසර කිහිපය තුළදී සිදුවූ බව කියන අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු අපරාධකරුවන්ට වගවීමට මෙන්ම පාලන ගැටළු විසඳීමට මෙරටට බලපෑම් සිදු කෙරෙනු ඇතැයි ඔවුන් සදහන් කර තිබේ.
එහි ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ නිරන්තර මැදිහත්වීම සඳහා පදනම අලුත් කරන යෝජනාවකට සාමාජිකයන් බහුතරයක් අනුමැතිය ලබා සිය යුතු බවය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ජාත්‍යන්තර අවධානයෙන් ඉවත් වීමට උනන්දු වන බවත්, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට එකගවීම ඇතුළු කරුණු ගැනද ඔහු අවධානය යොමු කර ඇත.
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය , මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවල සඳහන් කර ඇති දේශපාලන ඝාතන සහ සමූල ඝාතන ඇතුළුව බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ විමර්ශනවලට සිදුවන බාධා ගැනද , පුද්ගලයින් 270 දෙනෙකුට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වසර හතරකට වැඩි කාලයක් ගත වුවත් විශ්වසනීය හෝ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර නොමැති බවද ඔවුන්ගේ අවධානයට ලක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart