
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු ‘බස් ලලිත්’ ලෙසින් හඳුන්වන ලලිත් කන්නංගර නමැති පාතාල කල්ලියක සාමාජිකයා අද (25) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස නැවත ශ්‍රී ලංකාවට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේය.
‘බස් ලලිත්’ නමැති මෙම සැකකරු පසුගියදා ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මනුෂ්‍ය ඝාතන, වෙනත් අපරාධ ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.
කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 36 හැවිරිදි මෙම සැකකරු ඉන්ටර්පෝල් (රතු නිවේදන) මගින් ද වරෙන්තු ලබා සිටි අයෙකි.
සැකකරු දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් මොහුට එරෙහිව රතු නිවේදනයක් ලබාගෙන තිබිණි.
එසේම, මනුෂ්‍ය ඝාතන නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනීසිටීමට අපොහොසත් වීම නිසා කොළඹ මහාධිකරණය විසින් ද මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
මේ අතර, 2021 සැප්තැම්බර් 20 වැනි දින නෙළුම්තුඩුව ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි තැනැත්තෙකුට වෙඩි තැබීමට තැත්කිරීමේ සිදුවීමට අදාළව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එරෙහිව තවත් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ඊට අමතරව, 2022 ඔක්තෝබර් 16 වන දින පුද්ගලයන් තිදෙනකුට මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් තියුණු ආයුධයකින් පහරදුන් බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ‘බස් ලලිත්’ට එරෙහිව තවත් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart