
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිව්යෝර්ක් නගරයේ පිහිටි එහි මූලස්ථානයේ කාර්යාල අවකාශයේ පිහිටි වැසිකිළිවල භාවිතය සඳහා තවදුරටත් කඩදාසි අත්පිස්නා ලබානොදීමට තීරණය කර ඇති අතර, එම ප්රදේශවල ස්ථාපනය කර ඇති විදුලි අත්වියළන යන්ත්ර භාවිතා කිරීමට සේවකයන් දිරිමත් කර ඇත.
දෙසැම්බර් 10 වැනි දින එක්සත් ජාතීන්ගේ පද්ධතිය පුරා විද්යුත් තැපෑලකින් ඊට අදාළ නිවේදනය බෙදාහැර ඇතැයි වාර්තා වේ.
මෙම පියවර, ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමකදී වියදම් කපාහැරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වසරේ සිදුකර ඇති කුඩා හා විශාල වෙනස්කම් මාලාවේ නවතම අදියර ලෙස සැලකේ.
කඩදාසි අත්පිස්නා සම්බන්ධයෙන් නිවේදනය කරමින් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සහාය දෙපාර්තමේන්තුව (DOS) දෙසැම්බර් 10 වැනි දින විද්යුත් තැපෑලෙන් පවසා ඇත්තේ “අධිවේගී” වාණිජ අත් වියළන යන්ත්ර භාවිත කිරීමට මාරුවීම මඟින් සංවිධානයට වාර්ෂිකව ඩොලර් 100,000 කට වඩා ඉතිරි වන බවයි.
එය සාමාජික රටවල් විසින් ගෙවිය යුතු ඩොලර් බිලියන 1.87න් සුළු පහත වැටීමකි.
කෙසේවෙතත් මහජනතාව විසින් භාවිත කරන එක්සත් ජාතීන්ගේ කාර්යාල පරිශ්ර වැසිකිළි කාමරවල කඩදාසි අත්පිස්නා තවදුරටත් පවතින බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart