
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහ මැතිවරණයට දිනකට පෙර පෙබරවාරි 7 වන දින නිරිතදිග පාකිස්ථානයේ දේශපාලන ප්‍රචාරක කාර්යාල දෙකකට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් හෙළා දැක තිබේ.
පුද්ගලයින් 30 දෙනෙකුට මරු කැඳවූ සහ විශාල ගනණකට තුවාල සිදු කළ එම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය ඉන් ද ලෙවන්ට් (ISIL) විසින් භාර ගෙන ඇත.
එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයන් ජීවත්වීමේ අයිතිය ඇතුළු මානව හිමිකම්වලට බලපාන බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ අවධාරණය කර තිබේ.
“අපි පාකිස්ථානයෙන් ඉල්ලා සිටින්නේ මෙම අපරාධ ඵලදායි ලෙස විමර්ශනය කරන ලෙසත්, වින්දිතයන්ට යුක්තිය සහතික කිරීම සඳහා අපරාධකරුවන් වගකිව යුතු බවටත්” ඔවුහු සදහන් කර ඇත.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අමතරව, ත්‍රස්තවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ආර්ථික හා සමාජීය සංවර්ධනය අඩපණ කරන බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිළිගෙන ඇති බව එම පිරිස සඳහන් කළහ.
පෙබරවාරි 11 වැනිදා මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් ඉල්ලා සිට ඇත්තේ, මැතිවරණය සම්බන්ධ ඕනෑම ආරවුලක් සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart