
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි, ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසී ඇත. මෙම හමුව වතිකානයේදී සිදුව තිබේ.
එහිදී පාප්වහන්සේ සහ යුක්රේන ජනාධිපතිවරයා, යුද්ධය හේතුවෙන් යුක්‍රේනයේ මතුව ඇති මානුෂීය හා දේශපාලන අර්බුධය පිළිබඳව සාකච්ඡාකර ඇත.
එම හමුව අතරතුර යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි, වතිකානුවේදී ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසී තිබේ.
එහිදී උන්වහන්සේ ජනාධිපතිවරයා සමග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයේ මතුව ඇති මානුෂීය හා දේශපාලන අර්බුධය පිළිබඳව සාකච්ඡාකර ඇත.
එම හමුව අතරතුර සිහිවටනයක් ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේට, යුක්‍රේන සෙබළෙකුගේ වෙඩි නොවදින කබායක් ද පිරිනැමූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ඉතාලියේ අගමැතිනී ජෝර්ජියා මෙලෝනී ද හමුව තිබේ.
අගමැතිනිය එහිදී යුක්‍රේනයට පූර්ණ මිලිටරි ආධාර සහ මූල්‍ය ආධාර ලබාදීමට පොරොන්දුවී ඇත.
ඉතාලි බලධාරීන්,යුක්‍රේන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව උදෙසා දහසකට අධික පොලිස් භට පිරිසක් යොදවා ඇතැයි ද, වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart