
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ව්‍යවසායකයකු බ්‍රිතාන්‍යය වැසියන් ඉලක්ක කරගත් සංක්‍රමණ විරෝධී ෆේස්බුක් පිටු ජාලයකට සම්බන්ධ වී ඇතැයි විමර්ශනයකින් අනාවරණ වී ඇති බව එක්සත් රාජධානියේ thetimes.com/uk/ පුවත් සේවය වාර්තා කර තිබේ.
ගීත් සූරියපුර ලෙස හඳුනාගෙන ඇති එම සමාජ මාධ්‍ය බලපෑම්කරු බ්‍රිතාන්‍ය පරිශීලකයන් ඉලක්ක කරගත් සංක්‍රමණ විරෝධී, මුස්ලිම් විරෝධී සහ දේශපාලනික වශයෙන් නොමඟ යවන අන්තර්ගතයන් බෙදාහරින ෆේස්බුක් පිටු 100 කට වැඩි සංඛ්‍යාවක පොකුරක් ක්‍රියාත්මක කරන හෝ අධීක්ෂණය කරන බවට එම වාර්තා මගින් පෙන්වාදෙයි.
සාමූහිකව මිලියනයකට අධික අනුගාමිකයින් පිරිසක් ආකර්ෂණය කරගත් මෙම ෆේස්බුක් පිටු, සංක්‍රමණය, නිවාස සහ එක්සත් රාජධානියේ දේශපාලන පක්ෂ පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ බෙදාහැර ඇතැයි ද අනාවරණ වී ඇත.
විමර්ශනයට අනුව මෙම ගීත් සූරියපුර නමැත්තා එවැනි ෆේස්බුක් පිටු නිර්මාණය කර මුදල් උපයන්නේ කෙසේද යන්න පිළිබඳ පුහුණුවක් ලබා දෙන මාර්ගගත ඇකඩමියක් ද පවත්වාගෙන ගොස් තිබේ.
ඔහු තම ඩිජිටල් මෙහෙයුම් වලින් ඇමරිකානු ඩොලර් 300,000 ක පමණ ඉපැයීම් ලබා ඇතැයි ද වාර්තා වේ.
අදාළ පුද්ගලයා විසින් පවත්වා ගෙන ගිය ෆේස්බුක් පිටු ජාලයෙන් සිදුකළ පළකිරීම් බොහොමයක් AI මෙවලම් මගින් හෝ එම තාක්ෂණයේ සහය ලබාගනිමින් නිර්මාණය කර ඇති බව වාර්තා සඳහන් කරයි.
එමෙන්ම අදාළ වාර්තාවන් සඳහන් වන පරිදි මෙම ෆේස්බුක් පිටු ජාලයේ ක්‍රියාකාරකම් මේ වනවිට පරීක්ෂා කිරීම්වලට ලක්වෙමින් පවතින බවද වාර්තා වේ.
කෙසේවෙතත් ගීත් සූරියපුර නමැත්තා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, චෝදනා එල්ල කර ඇත්තේ වැරදි වැටහීම් මත පදනම්ව බව ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart