
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් විසින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශ බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත.
ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පැය 17ක් පැවති සැත්කමකින් කාන්තාවකගේ ගර්භාෂය ඇයගේ 34 හැවිරිදි සහෝදරියට සාර්ථකව බද්ධ කළ බව එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
කාන්තාවන්ගේ ප්‍රජනක පදධතියට බලපාන දුර්ලභ තත්වයක් වන Mayer-Rokitansky-Kuster-Hauser (MRKH) රෝගයකින් ගර්භාෂය ලබාගත් කාන්තාව පෙළෙන බැවින් මෙලෙස ඇයට සිය ගර්භාෂය ලබාදීමට සහෝදරිය ඉදිරිපත්ව ඇත.
ගර්භාශය පරිත්‍යාග කළ 40 හැවිරිදි කාන්තාව දරු දෙදෙනකුගේ මවක් වේ.
ශල්‍යකර්මයට සම්බන්ධ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ඉසබෙල් ක්විරෝගා පවසා ඇත්තේ ලබන්නාගේ ශරීරය තුළ “ගර්භාෂය හොඳින් ක්‍රියාත්මක වන” බවයි.
මෙම ගර්භාෂ බද්ධ කිරීම උපරිම වසර පහක කාලයක් සාර්ථකව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙම කාලය තුළ, ප්‍රතිග්‍රාහකයාට බද්ධ කිරීම ප්‍රතික්ෂේප නොකිරීම සහතික කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාගැනීමට සිදුවනු ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart