
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයට පීඩනයක් එල්ල කරමින් පලස්තීනය රාජ්‍යක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බව එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඊයේ තහවුරු කළ බවයි.
කැනඩාව වෙනුවෙන් අගමැති මාර්ක් කාර්නි ඒ බව නිවේදනය කළේය.
“කැනඩාව පලස්තීන රාජ්‍යය පිළිගන්නා අතර පලස්තීන රාජ්‍යයට සහ ඊශ්‍රායල රාජ්‍යයට සාමකාමී අනාගතයක් පිළිබඳ පොරොන්දුව ගොඩනැගීම සඳහා අපගේ හවුල්කාරිත්වය පිරිනමයි,” කාර්නි නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
“පලස්තීන අධිකාරිය විසින් මෙහෙයවනු ලබන පලස්තීන රාජ්‍යය පිළිගැනීම, සාමකාමී සහජීවනය සහ හමාස් අවසානය අපේක්ෂා කරන අයට බලය ලබාදෙයි. මෙය කිසිසේත් ත්‍රස්තවාදය නීත්‍යානුකූල නොකරන අතර ඒ සඳහා කිසිදු දිරිගැන්වීමක් නොවේ,” කාර්නි පැවසීය.
ඒ අනුව, G7 කණ්ඩායමේ සාමාජික රටවලින් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත් පළමු රටවන්නේ ද කැනඩාවයි.
මේ අතර පලස්තීනය ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් විසින් ඒකාබද්ධ ප්‍රකාශයකින් නිවේදනය කරන ලදී.
“තමන්ගේම රාජ්‍යයක් සඳහා පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල සහ දිගුකාලීන අභිලාෂයන් ඕස්ට්‍රේලියාව පිළිගනී,” යනුවෙන් ඔවුහු පැවසූහ.
මේ අතර ප්‍රංශය, බෙල්ජියම සහ පෘතුගාලය ද පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම සඳහා තීරණය කර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart