
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2026 මාර්තු මාසය දක්වා වසර තුළ එරට සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12%කින් පහළ ගොස් තිබේ.
කෙසේවෙතත්, මෙම සංඛ්‍යාව වසංගතයට පෙර පැවති මට්ටමට වඩා තවමත් දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගන්නා බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
අදාළ මාස 12ක කාලසීමාව තුළ සරණාගත අයදුම්පත් 93,525ක් ලැබී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව පහළ අගයකි.
මීට අමතරව, හෝටල්වල රඳවා සිටින සරණාගතයන්ගේ සංඛ්‍යාව ද සැළකිව යුතු ලෙස පහළ ගොස් ඇත.
2025 දෙසැම්බර් මාසයේදී 30,657ක්ව පැවති එම සංඛ්‍යාව මේ වන විට 20,885 දක්වා අඩු වී තිබේ.
2023 සැප්තැම්බර් මාසයේදී පැවති උපරිම අගය වූ 56,000 හා සැසඳීමේදී මෙය විශාල අඩුවීමකි.
එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය වාර්තා කරන පරිදි, එක්සත් රාජධානියේ ශුද්ධ සංක්‍රමණ අනුපාතය ද අඛණ්ඩව පහළ යමින් පවතී.
පසුගිය වසරේදී එරට ජනගහනයට එක්වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව 171,000ක් වන අතර, එය කොවිඩ් වසංගත කාලය හැර 2012 වසරෙන් පසු වාර්තා වූ අඩුම අගයයි.
මේ අතර, බ්‍රිතාන්‍ය පුරවැසියන් විශාල වශයෙන් රට හැර යෑමක් සිදුවන බවට මත පළ වුවද, ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසන්නේ බ්‍රිතාන්‍යයන් පිටව යෑමේ අනුපාතය ස්ථාවරව පවතින බවයි.
කෙසේවෙතත්, ලිබරල් ඩිමොක්රටික් පක්ෂය පවසන්නේ මෙම තත්ත්වයට බ්‍රෙක්සිට් (Brexit) ක්‍රියාවලිය බලපා ඇති බවත්, යුරෝපා මිත්‍ර රටවල් සමඟ සමීප සබඳතා අවශ්‍ය බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart