
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා සහ සාමාජිකයන් කොමිෂන් සභාවේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (14) ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයන්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස දන්වා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කරන ලද දැනුම්දීමකින් පසුව මෙම ඉල්ලා අස්වීම් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, එහි උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී උඩවත්ත සහ කොමසාරිස්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම් දී ඇත.
2020 වසරේ එම තනතුරු සඳහා පත් කරන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ නිල කාලය 2025 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart