
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ජුලි 28 වැනිදා බොරැල්ලේදී පොලිසිය විසින් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, පොලිසිය ඇතුළු අදාළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සුදානම් වෙයි.
තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ (YJA) විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර පවසන්නේ, තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ පොලිසියට සහ අනෙකුත් අදාළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බවයි.
“මම කිසිම වැරැද්දක් නොකර සිටියදී පොලිසියෙන් පහර දී අත්අඩංගුවට ගත්තා. එය පැහැදිලිවම යම් දේශපාලන අධිකාරියක උපදෙස් මත සිදුවූ දෙයක්. මේ සම්බන්ධයෙන් අපි මේ වන විට නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා” යැයි ඔහු සඳහන් කරයි.
නීතිවිරෝධී රැස්වීමක කොටස්කරුවකු වීම සහ රජයේ නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව මත ඔහු ජූලි 28 වන දින බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 29 වන දින කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ඔහුව ඇප මත මුදාහරින ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart