
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සිටි ජ්‍යෙෂ්ඨ සිනමා නිළියක වූ උදුලා දාබරේ ඊයේ (26) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඇය 87වැනි වියෙහි පසුවූවාය.
ඇය ප්‍රවීන ඡායාරූපශිල්පී මාධ්‍යවේදී උපුල් නිශාන්‍තගේ,ලොකු අම්මා ද වේ.
“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ කුඩා කල කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා පිටියේ” විවිධ වැඩසටහන්වලට සහභාගී වී ඇත.
“කරු අයියාගේ” යොමු කිරීමෙන් “වරද කාගෙද” චිත්‍රපටයේ විකට චරිතයක් රඟමින් ඉතා ජනප්‍රිය වූ ඇය “දුප්පතාගේ දුක”, “නළඟන”, “ස්විනීත ලාලනී”, “දරුවා කාගෙද”, “සිගිරි කාශ්‍යප”, “සුරයන්ගේත් සුරයා” චිත්‍රපටවල කැපීපෙනෙන චරිත රඟපෑවාය.
දිවිය පුරාම අවිවාහකව සිටි ඇය අවසන්වරට රඟපෑවේ 2004 වසරේ තිරගත වූ “රන් දිය දහර” චිත්‍රපටයේ ගීතා කුමාරසිංහගේ මව ලෙසිනි.
ඇගේ දේහය මේ වන විට පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව, ගෝල්ඩන් මෙඩෝව්ස් නිවාස සංකීර්ණයේ අංක 32 / 97 දරන ස්ථානයේ අද රාත්‍රී 12.00 සිට හෙට (27) සවස 4.00 දක්වා තැන්පත් කර තැබේ.
හෙට සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart