
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි නුවරදී පැවැති විශේෂ ප්‍රවර්ධන උත්සවයකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ ඇමැති ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයූඩි, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් හමුවේ අපූරු අතීත මතකයක් ආවර්ජනය කර තිබේ.
ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘Sri Lanka Beyond Your Dreams’ ප්‍රවර්ධන වැඩසටහන අතරතුර පැවැති ද්විපාර්ශ්වික හමුවේදී, එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ සංචාරකයන් ශ්‍රී ලංකාවට යොමුකරන ලෙස විජිත හේරත් අදාළ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
එහිදී එමීර් රාජ්‍ය ඇමැතිවරයා පවසා ඇත්තේ, තමන් මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවක, වැවක අලින් නාන අයුරු පෙනෙන, හරිත පැහැයෙන් වටවුණු අලංකාර හෝටලයක නතර වී සිටි බවයි. පසුව කළ සොයාබැලීමේදී හෙළි වී ඇත්තේ ඔහු නවාතැන් ගෙන ඇත්තේ දඹුල්ලේ පිහිටි ප්‍රසිද්ධ කණ්ඩලම හෝටලයේ බවයි.
මෙම සුන්දර අත්දැකීම විඳගැනීම සඳහා තමන් නුදුරේදීම පවුලේ සාමාජිකයන් සමග නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අරාබි ඇමැතිවරයා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ධනවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට යොමුකිරීමට පියවර ගන්නා බවටද විජිත හේරත්ට පොරොන්දු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart