
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු දෙදින නිල සංචාරයක් සඳහා හෙට (අගෝස්තු 08) දිවයිනට පැමිණෙන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඔහු සමගින් දිවයිනට පැමිණෙන දූත මණ්ඩලයට එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දූෂණ-විරෝධී විශ්ලේෂක ඩිලන් එයිකන්ස්ද ඇතුළත් වේ.
කොළඹ ගතකරන කාලසීමාව තුළ නෙෆියු ආණ්ඩු පාර්ශවයේ, විරුද්ධ පක්ෂයේ, අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ විවිධ පිරිස් හමුවනු ඇත.
දූෂණය මර්දනය කිරීම සඳහා දරන වෑයම් පිළිබඳව මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමත් අනාගත සහයෝගීතා සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීමත් මෙම සංචාරයේ අරමුණ බව බව තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart