
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය 20 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා අතර ඇති වු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කථානායකවරයා පත්කරන ලද කමිටුව, එහි සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී රැස් වී ඇත.
මෙම සිදුවීමට අදාළ පාර්ලිමේන්තු පරිශ්‍රයේ CCTV දර්ශන මෙම කමිටුව නරඹා ඇති බව සදහන් වේ.
අදාළ සිදුවීමට සම්බන්ධ පාර්ශව සහ සිද්ධියේ සාක්ෂිකරුවන් මීළඟ කමිටු රැස්වීමට කැදවීමට තීරණය කර ඇති අතර මෙම විමර්ශන කමිටුව ලබන 06 වැනි සඳුදා පෙරවරු 10.00ට යළි රැස්වීමට නියමිත බව දන්වා තිබේ.
මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනකු ද ඇතුළත් කිරීමට අද දින තීරණය වී ඇති අතර, එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනා නම් කරන ලෙසට ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට දැනුම් දී ඇති බව ද සදහන් වේ.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනාද මීළඟ විමර්ශන කමිටු රැස්වීමට සහභාගී වීමට නියමිත අතර ලබන 06 වැනිදා කමිටුව රැස්වීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකර විමර්ශන කමිටු වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධනට ඉදිරිපත් කරන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ දැඩි අවධානයක් යොමු වී ඇති අතර මෙවැනි පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිදායක සිදුවීම් නැවත නොවීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව ද විමර්ශන කමිටුව ඒකමතිකව තීරණය කළ බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති මෙම විමර්ශන කමිටුවේ පළමු රැස්වීමට හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉමිතියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් වමින්ද කුලරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart