
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සහ දරණ පුද්ගලයන් දෙදෙනෙක් යම් ආකාරයකින් රනිල් වික්‍රමසිංහව ප්‍රාණඇපයට ගෙන කටයුතු කිරීමක් පවතින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ විශාල බිඳවැටීමක් පවතින බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
භූතයන් ලෙස කටයුතු කරන මෙම පුද්ගලයන් දෙදෙනා පක්ෂය විනාශ කිරීමට උත්සහ දරමින් සිටින බවත්, ඔවුන් පක්ෂය බූදලයක් සේ තබාගැනීමට උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඕනෑම පක්ෂයක් කලින් කලට ආණ්ඩුව බලය ලබාගන්නා බවත්, තවත් අවස්ථාවක විපක්ෂයේ කටයුතු කරන බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වැඩිදුරටත් පැවසුවේ පක්ෂයේ බහුතරයක් පක්ෂය ඉදිරියට ගෙන යාමට උත්සහ කරන අවස්ථාවක අදාළ පුද්ගලයන් දෙදෙනා පක්ෂය විනාශ කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart