
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක ජර්මන් කතකගේ බෑගය පැහැරගෙන යූරෝ 180ක්, අයි ෆෝනයක්, විදෙස් ගමන් බලපතක් රැගෙන පළාගිය ළමා නිවාසයක සිටින19 හැවිරිදි සිසුන් දෙදෙනකු ඊයේ (22ද) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
සංචාරයක් සඳහා මෙරටට පැමිණ නවාතැන් ගෙන සිටි අනුරාධපුර නව නගරයේ ප්‍රීමන් මාවතේ පිහිටි සංචාරක හෝටලයකට පාගමනින් යමින් සිටි ජර්මන් කාන්තාවන් තිදෙනකුගෙන් යුතු කණ්ඩායමක, කාන්තාවකගේ ගමන් බෑගය ඉකුත් 20 දා රාත්‍රී මෙලෙස කොල්ලකා පළාගොස් තිබූ බව පොලිසිය කියයි.
එම සොරකම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර පැය 24ක් යෑමට මත්තෙන්, සොරකම් කරන ලද මුදලින් රු. 10000ක් , යූරෝ 30ක මුදලක් සමග සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී සොරකම් කරන ලද ගමන් බෑගය සමග අයිෆෝනය, විදෙස් ගමන් බලපත්‍රය, එම විදෙස් කාන්තාවන් නවාතැන්ගෙන සිටි හෝටලය ආසන්නයේ විසිකර දමා තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරුවන් දෙදෙනා අනුරාධපුර අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart