March 23, 2024

සංචා­රක ජර්මන් කත­කගේ බෑගය පැහැ­ර­ගෙන යූරෝ 180ක්, අයි ෆෝන­යක්, විදෙස් ගමන් බල­ප­තක් රැගෙන පළාගිය ළමා නිවා­ස­යක සිටින19 හැවි­රිදි සිසුන් දෙදෙ­නකු ඊයේ (22ද) අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය පව­සයි.

සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණ නවා­තැන් ගෙන සිටි අනු­රා­ධ­පුර නව නග­රයේ ප්‍රීමන් මාවතේ පිහිටි සංචා­රක හෝට­ල­ය­කට පාග­ම­නින් යමින් සිටි ජර්මන් කාන්තා­වන් තිදෙ­න­කු­ගෙන් යුතු කණ්ඩා­ය­මක, කාන්තා­ව­කගේ ගමන් බෑගය ඉකුත් 20 දා රාත්‍රී මෙලෙස කොල්ලකා පළාගොස් තිබූ බව පොලි­සිය කියයි.

එම සොර­කම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කර පැය 24ක් යෑමට මත්තෙන්, සොර­කම් කරන ලද මුද­ලින් රු. 10000ක් , යූරෝ 30ක මුද­ලක් සමග සැක­කාර සිසුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කළේය.

වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී සොර­කම් කරන ලද ගමන් බෑගය සමග අයි­ෆෝ­නය, විදෙස් ගමන් බල­ප­ත්‍රය, එම විදෙස් කාන්තා­වන් නවා­තැ­න්ගෙන සිටි හෝට­ලය ආස­න්නයේ විසිකර දමා තිබි­යදී සොයාගත් බවද පොලි­සිය සඳ­හන් කළේය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍ය පාන­යට ඇබ්බැහිවූවන්ද යන්න අනා­ව­ර­ණය කර­ගැ­නීම සඳහා වැඩිදුර විම­ර්ශන ක්‍රියා­ත්මක බවද පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. සැක­ක­රු­වන් දෙදෙනා අනු­රා­ධ­පුර අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.