
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කර පළාගිය 19 හැවිරිදි කාර් රථ රියදුරකු වැල්ලවාය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
යාලබෝව සෙල්ලබාව ප්‍රදේශයේ රථවාහන හැසිරවීමේ රාජකාරි යෙදී සිටියදී කාර් රථයක් නැවැත්වීම සඳහා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අණ කළ ද, කාර් රථය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියේ ගැටීමට සලස්වා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
එම කාර් රථය පසුපස යතුරුපැදියෙන් හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ යතුරුපැදිය පාලනයෙන් ගිලිහී පෙරළීමෙන් අනතුරකට ලක්වී ඇත. එම අනතුරින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් වැල්ලවාය මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart