
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2005 වසරේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.
අදාළ නඩුව අද (මාර්තු 04) විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය ප්‍රකාශයට පත්කරන ලදී.
පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට එල්ල වී ඇත්තේ, 2005 වසරේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවයි.
සැකකරු කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart