
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත්, ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒවා බවත් ජේ.බී සිකියුරිටීස් තැරැව්කාර සමාගම පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
එලෙස ගෙන්වූ වාහන අතර රුපියල් මිලියන 70 ට ආසන්න වූ වාහනද තිබෙන බවත් ඒවා මිලදී ගත් පාරිභෝගිකයන් රජයේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එලෙස ගෙන්වූ වාහන අතර ෆෙරාරි, රෝල්ස් රොයිස්, පෝෂ් සහ ලැම්බෝගිනි වාහනද තිබෙන බව එම වාර්තාව පෙන්වාදෙයි.
පසුගිය නොවැම්බර් මාසයේදී පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281 ක් බව ශ්රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.
ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 කි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart