
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන තිබේ.
ඒවා එතැනට රැගෙන ආවේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ නිලධාරියකු කමිටු කාමර පරීක්ෂා කිරීමේදී මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමුවී ඇතැයි පැවැසේ.
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් තරුණ සේවිකාවන්ට ලිංගික අතවර කළ බවට නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් පසුගියදා කමිටු ශාලා සෝදිසි කර තිබේ.
මේ අතර ලිංගික අතවර චෝදනා විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
මේ සම්බන්ධයෙන් එම කමිටුව මේ වන විටත් සේවක සේවිකාවන් ඇතුළු 20කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවැසේ.
මේ අතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂණ කඩාකප්පල් කිරීමට හා බලපෑම් කිරීමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart