April 3, 2026

තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඉන්ධන තොගයක් සඟවා තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටළීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් සතුව තිබී ඩීසල් ලීටර් 2,045 ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් වයස අවුරුදු 41 සහ 61 ක් වන අතර, ඔවුන් ත්‍රිකුණාමලය සහ තඹලගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.