
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ලිංගික ඡායාරූප සහ වීඩියෝ බෙදාහරින බව පවසමින් පුද්ගලයන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ලිංගික අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ බෙදාහරින බවට තර්ජනය කර රුපියල් 222,000ක් ලබා ගත් 29 හැවිරිදි පුද්ගලයකු කොළඹ – කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
වයඹ පළාතේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබුණේ 2025 ජනවාරි මාසයේදීය.
පැමිණිල්ලට අනුව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු ඊයේ පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ බෙදාහරින බවට තර්ජනය කිරීමේ චෝදනාව මත බණ්ඩාරගම ප්‍රදේශයේදී 32 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ පළාතේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබුණේ 2025 ජනවාරි මාසයේදීය.
එම පැමිණිල්ලට අනුව ඊයේ කහතුඩුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ පළාතේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart