
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටහේන, ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගියදා වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට පසුගිය බදාදා සයනයිඩ් පොවා වස දුන් පුද්ගලයා පාතාල නායකයකුවන පූකුඩු කන්නාගේ හිතවතෙකු බව පොලිසිය පවසයි.
පොලිසියේදී වස පානය කළ පුද්ගලයන් දෙදෙනා ද පුකුඩු කන්නාගේ කල්ලියට අයත් බව පොලිසිය අනාවරණය කරයි.
චමිඳු දර්ශන් (27) සහ ලක්ෂිත ප්‍රනාන්දු (29) යන සැකකරුවන් බදාදා (07) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පොලිසියට පැමිණි අමුත්තකු විසින් ලබාදුන් සයනයිඩ් මිශ්‍ර කළ කිරි පැකට්ටුවක් පානය කිරීමෙන් පසුවය.
ඔවුන් දෙදෙනා තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා 2024 ජනවාරි 24 දින ජින්තුපිටියේදී පුද්ගලයෙකුට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ප්‍රදේශවාසීන් විසින් එක් ප්‍රහාරකයකු, ඔහුගේ ගිනි අවිය සහ ඔහු ගමන් ගත් යතුරුපැදිය අල්ලාගෙන පොලීසියට භාරදී ඇත. එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වෙඩිතැබීමෙන් පසු පළාලාගිය පුද්ගලයා සහ තවත් සහායකයකු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ රදවාගෙන සිටියදී විෂ ශරීරගත වීම සිදුවී ඇත.
පූකුඩු කන්නා විදේශගතව සැඟවී සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart