
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ඔස්ටින් මාවත ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.
තුවාල ලබා ඇත්තේ නිහාල් හරිස්චන්ද්ර නොහොත් බාප්පා සහ චප්පා නැමති දෙදෙනායි.
වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇත.
වෙඩි ප්රහාරයට ලක් වූ දෙදෙනාට එරෙහිව චෝදනා රැසකට අදාළව අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් ඇති බව පොලීසිය පැවසීය.
මෙම වෙඩි තැබීම තවත් අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකු ඩුබායි සිට මෙහෙයවා ඇති බවට පොලීසිය සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart