February 10, 2026

මන්නාරම මඩු රක්ෂිතයේ රෝගාතුරව වැටීසිටි වන අලි හයදෙනාගෙන් දෙදෙනෙකු මියගොස් ඇතැයි මඩු පොලිසිය ඊයේ (09දා) වාර්තා කළේය.

මෙසේ රෝගීව සිටි අලි හයදෙනාට වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබාදී ඇතත් ඔවුන් අතරින් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට නොහැකි වී ඇති බව මඩු පොලිසියේ නිමධාරියකු ‘දිවයින’ට පවසා ඇත.

මෙම අලි මරණ පිළිබඳව වනජීවී නිලධාරීන් මෙන්ම මඩු පොලිසිය ද විමර්ශන ආරම්භ කර ඇත.

රක්ෂිතය තුළදී මෙම වන අලින්ට කිසියම් විසක් ශරීරගත වෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මියගිය වන අලින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලට ලක්කිරීමට පියවර ගෙන තිබේ