
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (10) එප්පාවල පොලිස් වසමේ නල්ලමුදාව හන්දියේ දී සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ සජීව පතොරම් 40ක් සොයාගෙන ඇත.
සැකකරු සහ ඔහුට මෙම පතොරම් මුදලට අලෙවිකර දෙන ලෙස ලබාදී ඇති තවත් පුද්ගලයෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30-31 වයස්වල පසුවන ගල්ලෑව සහ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර, ඔවුන් අද (11) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ අතර, ඊයේ කොබෙයිගනේ පොලිස් වසමේ ගලදෙනිගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 57ක නාරම්මල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සැකකරු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම ඊයේ උඩුදුම්බර පොලිස් වසමේ තම්මැටියාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 49ක් වන තම්මැටියාන බෝපාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වන අතර, ඔහුව අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart