
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද සිට ආරම්භ වන ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, එම සංචාරය සඳහා සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ද එක්ව තිබේ.
ඒ අනුව, සංචාරයට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ විදේශ ඇමැති අලි සබ්රි ද ශ්‍රී ලංකා නියෝජිතයන් ලෙස සහභාගී වී ඇත.
මෙම සංචාරයේදී, ජනාධිපති බටහිර ඕස්ට්‍රේලියානු අගමැති Roger Cook, ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු ඇමැති Penny Wong සහ ශ්‍රී ලංකා ඩයස්පෝරා ප්‍රජාව පර්ත් නුවරදී හමු වී තිබේ.
එහිදී, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ගුවන් සේවා කටයුතු පිළිබදව අවධානය යොමුකර ඇත.
එසේම, සමුළුව සඳහා ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගයට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු ඇමැති ජනාධිපතිවරයාට ස්තූතිය පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart