September 8, 2025

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාතර අතිරේක දිසා මහේස්ත්‍රාත්වරිය සේවයෙන් ඉවත්කර තිබේ.

ජනමාධ්‍ය වාර්තා අනුව, කොමිසම විසින් සිදුකරන ලද විනය පරීක්ෂණයකින් පසු මහේස්ත්‍රාත්වරිය වැරදිකාරියක වූ පසු එලෙස සේවයෙන් පහකර ඇත.

මේ අතර මතුගම මහේස්ත්‍රාත්වරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇය අධිකරණ සේවා කොමිෂන් සභාව හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීම යොමුකර ඇත.

නව පත්වීමක් සිදුකරන තෙක් මතුගම අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා, වැඩබලන මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කර තිබේ.