August 16, 2026

මොරටුව, නව ගාලු පාරේ එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක නඩත්තු කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් දෙදෙනකු නඩත්තු කටයුතු අතරතුර නළයක් පිපිරී යෑමෙන් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

ගිනි ගැනීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මොරටුව ගිනි නිවන ඒකකය ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යවා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එගොඩඋයන පොලිසිය මගින් සිදුකරයි.