
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ පිලිපීනය වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ඒ 340 එයාර්බස් ගුවන් යානා දෙකක් ඉරානයට පැමිණි පසු ආපසු පිටත් වී නොමැති බව වාර්තා වේ.
ඒ අනුව පෙබරවාරි මස අගදී ලිතුවේනියාවේ ෂියුලියායි සිට පියාසැරිය ඇරඹු එම යානා ඉරානයෙන් ගමන අවසන් කර තිබේ.
මෙම ගුවන් යාන ගැම්බියාවේ ලීසිං සමාගමක් වන මැකා ඉන්වෙස්ට් සමාගමට අයත් ඒවාය.
ගුවන් යානා සමග සබඳතා පැවැත්වීමේ දී යොදා ගනු ලබන ට්‍රාන්ස්පොන්ඩර් යන්ත්‍ර ඉරානයට ඇතුළු වූ පසු අදාළ යානා විසින් ක්‍රියා විරහිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ගුවන් දත්ත සපයන වේදිකාවක් වන ch-aviation වාර්තා කළේ එක් ගුවන් යානයක් ටෙහෙරානයේ මෙහ්රාබාද් ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති අතර අනෙක් යානය ඉරානයේ දකුණු දිග පිහිටි කොනරක් ගුවන් තොටුපළට ගොඩ බැස්වූ බවයි.
ඒ අනුව ඉරානයේ ක්‍රියාත්මක වන ගුවන් සමාගමක් වන Mahan Air විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළව පවතින එක්සත් ජනපද සම්බාධක මගහරවා ගනිමින් සිය ගුවන් යානා දෙක ලබා ගැනීමට සමත්ව තිබේ.
මැකා ඉන්වෙස්ට් සමාගමට අයත් තුන්වන ගුවන් යානයක් ලිතුවේනියාවේ ෂියුලියායි හි රඳවා ඇත.
එම ගුවන් තොටුපළේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි, යානයේ රැගෙන ගිය අමතර කොටස් නිසා එය ගුවන් ගත කිරීමට අවසර ලැබී නැත.
ගුවන් යානය පිලිපීනයට පියාසර කිරීමට නියමිතව තිබූ නමුත් එය ද ඉරානයට ගොඩබැස්සවීමට ඉඩ තිබූ බව ඔවුන් උපකල්පනය කරකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart