
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සෙනසුරාදා දවස නිමාවුණේ මුළු රටක්ම කම්පාවට පත්කරපු, හදවත සංවේගයෙන් සසල කරවන මාරක රිය අනතුරු දෙකක කනගාටුදායක පුවත් රැගෙනයි.
තවත් වටිනා මිනිස් ජීවිත දෙකක් මහ පාරේදී සදහටම අහිමි වෙලා තියෙන්නේ නෙතට කඳුළක් එක්කරමින්.
පළමු ඛේදවාචකය වාර්තා වෙන්නේ අතුරුගිරිය – ගොඩගම මාර්ගයේ පානගොඩ ප්රදේශයෙන්. තමන්ගේ පාඩුවේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි 48 හැවිරිදි ආදරණීය පියෙක්ට, සහෝදරයෙකුට උරුම වුණේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෛවෝපගත ඉරණමක්. එකවරම පාර හරහා පැන්න සුනඛයකුගේ යතුරුපැදිය ගැටීමෙන්, ඔහුට යතුරුපැදිය පාලනය කරගන්න බැරුව මහ පාරට ඇද වැටී තිබෙනවා. බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළත්, අවසානයේදී ඔහු අවසන් ගමන් ගිහින්.
ඇසූ සැනින් දෑසට කඳුළු උණන අනෙක් සංවේගජනක සිදුවීම වාර්තා වෙන්නේ මාතලේ, ඒ9 මාර්ගයෙන්. නාලන්ද ප්රදේශයේ පදිංචි 74 හැවිරිදි වියේ පසු වූ සීයා කෙනෙක්, තමන්ගේ සිව්හැවිරිදි සිඟිති මුණුපුරාවත් යතුරුපැදියේ තබාගෙන යද්දී තමයි මේ අවාසනාවන්ත අනතුරට මුහුණ දීලා තියෙන්නේ. ගෑස් සිලින්ඩර ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන්, ඒ සීයා සිද්ධිය වුණු ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ සිව්හැවිරිදි දරුවා මේ වන විට මාතලේ රෝහලේ ප්රතිකාර ලබනවා.
මහ පාර කියන්නේ මොන තරම් අනතුරුදායක තැනක්ද කියලා මේ සිදුවීම් අපට නැවත නැවතත් මතක් කර දෙනවා.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart