
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ හමුදා පුහුණු මධ්‍යස්ථානයකදී කැඩෙට් භටයෙක් ඔහුගේම ඒකකයේ සාමාජිකයන්ට වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ.
සජීවී වෙඩි තැබීමේ පුහුණු සැසියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, මේ හේතුවෙන් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇත.
කැඩෙට් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇතත් වෙඩිතැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් වයස අවුරුදු 25ක සහ 52ක සෙබළුන් දෙදෙනකු මියගොස්, එම කඳවුරේම සිටි 25 හැවිරිදි තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇත.
මිලියන 125ක ජනගහනයක් සිටින ජපානය මේ ආකාරයේ ප්‍රචණ්ඩක්‍රියා ඉතාම අවම රටක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart