
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැසිනෝ ව්‍යාපාරිකයන් විසින් තක්සේරු වර්ෂයන්ට අදාළව රුපියල් මිලියන 200ක වාර්ෂික බද්දක් ගෙවිය යුතු වුවත්, ව්‍යාපාර දෙකක් රුපියල් හතළිස්හතර කෝටි, නවලක්ෂ අසූදහසක මුදලක් (440,980,000) වාර්ෂික බදු මුදල් වශයෙන් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
1988 අංක 40 දරණ ඔට්ටු හා සුදු බදු පනතේ 02 වන වගන්තිය හා 2015 අංක 14 දරණ ඔට්ටු හා සුදුබදු (සංශෝධන පනත) අනුව කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් විසින් රුපියල් මිලියන 200ක වාර්ෂික බද්දක් ගෙවිය යුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, එක් ව්‍යාපාරයක් මෙම කාලපරිච්ඡේදය තුළ ව්‍යාපාර කටයුතු සිදුකර නොමැති බවත්, අනික් ව්‍යාපාරයෙන් තවදුරටත් රුපියල් මිලියන 300ක් අයවිය යුතුව ඇති අතර එම මුදල අයකරගැනීමට කටයුතු කරමින් සිටින බවත්ය.
මෙම ව්‍යාපාරිකයන්ගෙන් බදු මුදල් අයකරගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart