
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් නේපාලය හරහා එංගලන්තයට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පළමු සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.
එම සැකකරු ඊයේ නේපාලය බලා පිටත්ව යන ඉන්දීය ගුවන් සමාගමකට අයත් යානයකට ගොඩවීමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ආගමන විගමන කවුන්ටරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ආගමන විගමන කවුන්ටරයේ නිලධාරීන් සැකපිට අදාළ පුද්ගලයා පරීක්ෂා කර ඇති අතර, පසුව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවත්, සමාන ලක්ෂණ සහිත වෙනත් පුද්ගලයකුගේ තොරතුරු උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති බවත් සොයාගෙන ඇත.
වැඩිදුර විමසීමේදී තවත් සැකකරුවකු ද ගුවන් තොටුපළේ සිටින බවත්, ඔහු ඒ වන විටත් ආගමන විගමන අවසරය ලබාගෙන ගුවන් යානයට ගොඩවෙමින් සිටි බවත් එම පුද්ගලයා හෙළි කර තිබේ.
ඒ අනුව ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart