
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 1.15 ක වටිනාකමකින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු බව ද රේගුව පවසයි.
පැමිණීමේ පර්යන්තයට පැමිණි අදාල පුද්ගලයන් ‘ග්‍රීන් චැනල්’ ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සාහ කිරීමේදී ඔවුන් පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් ගමන් මලු පරීක්ෂා කර බැලූ විට, සැකකරුවන්ගේ ගමන් මලුවල සඟවා තිබූ සිගරට් තොගය සොයාගෙන තිබේ.
එම ගමන් මලු තුළ තිබී විදේශීය දුම්වැටි කාටූන් 385ක් සොයාගැනීමට නිලධාරීන් සමත්වී ඇති අතර, ඒවායේ දුම්වැටි කූරු 77,000 ක් අඩංගු බවත්, දුම්වැටි තොගයේ දළ වටිනාකම රු.11,550,000 ක් පමණ වන බවත් රේගුව පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 226 දරන ගුවන් යානයෙන් සැකකරුවන් මෙරටට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඉන් එක් අයකු මහනුවර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පෙදරේරුවකු වන අතර අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයකු බව ද අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart