
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki , දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt ඊයේ (09) පස්වරුවේ ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් හමුවූහ.
මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් MURATA Shinichi, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ දෙවැනි ලේකම් Zanethemba Tshangela, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු අංශයේ පළමු ලේකම් Justine Boillat යන අයද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික වෛද්‍ය රිස්වි සාලි, ජාතික විධායක සභික සරෝජා පෝල්රාජ්, ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර යන පිරිසද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ජාතිකත්වයන් අතර සාමය සහ සංහිඳියාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ විසඳුම් ප්‍රවේශයන් පිළිබඳව දූත මණ්ඩල නියෝජිතයින්ගේ විමසුමට ලක්විය.
මෙහිදී ජාතික ජන බලවේගය පෙන්වා දුන්නේ තම පක්ෂය කිසිදු ලෙසක ජාතිවාදය දේශපාලනය වෙනුවෙන් යොදාගැනීමට සූදානම් නොමැති බවය.
සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය මත පිහිටා ජාතික ගැටලුවට විසඳුම් ලබාදීමට තමන් සූදානම් බව අවධාරණය කළ ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ, ජාතික ගැටලුවට හුදෙකලාව විසඳුම් ලබාදිය නොහැකි බවත් එය අනෙකුත් සාධක සමග බැඳී පවතින බැවින් විසඳුමකදී සමස්තය සලකා බැලිය යුතු බවත් පෙන්වාදුන්හ.
මෙම කරුණ සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාවේ උනන්දුව පිළිබඳව ජාතික ජන බලවේගය තම විශේෂ ස්තූතිය දූත මණ්ඩලය වෙත පළකර සිිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart